සංචාරක බංගලාව

උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සංචාරක බංගලාව බංගලා වෙන්කර ගැනීම

රාජකාරි සඳහා

වායු සමනය නොකල
කාමර අංක 01 – 750.00
කාමර අංක 02 – 300.00
කාමර අංක 03 – 450.00

වායුසමනය කළ
කාමර අංක 01 – 1000.00
කාමර අංක 03 – 600.00

එක් අයෙකු සඳහා පිරිසිදු කිරීමේ ගාස්තු – 150.00

අමතන්න 025 2222 289

 

01. මෙම සංචාරක නිල නිවාසය උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කරන රාජකාරි සඳහා කොට්ඨාශවලින් පැමිණෙන නිලධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන අතර අනෙකුත් පළාත් සභා හා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට ද ලබා දෙනු ලැබේ මෙම නිල නිවස හිස්ව පවතින දිනවල වෙනත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබාදෙන අතර ඒ සඳහාඑම නිලධාරියා සේවය කරන ආයතන ප්‍රධානියාගේ බලයලත් නිලධාරියාගේ නිර්දේශ සහිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය

02. සංචාරක නිවාසය වෙන් කරගත් නිලධාරියා විසින් එම නිවාසයෙන් පිටව යාමට පෙර එහි තබා ඇති ලේඛනයේ පහත සඳහන් විස්තර ඇතුලත් කර තමා ක්සන තැබිය යුතුය.

       *නම
       *ලිපිනය
       *තනතුර
       *හැඳුනුම්පත් අංකය
       *පැමිණි දිනය
       *පැමිණි වේලාව
       *පැමිණි සංඛ්‍යාව
       *පිටවූ වේලාව

03.මෙම දෙපාර්තමේන්තුවේ හෝ ප්‍රමුඛතාවය දිය යුතු රජයේ අවශ්‍යතාවය මත හෝ හදිසි අවස්ථාවකදී මෙම වෙන් කිරීම අවලංගු කළ හැකි බවත් අවලංගු කරන බවට පූර්ව දැනුම් දැනුම් දීමක් කිරීමට අපහසු විය හැකි බවද සැලකිල්ලට ගත යුතුය

04. අයදුම්පතෙහි දක්වා නොමැති කිසිදු අයෙකු නිවාසයෙ නවාතැන් ගැනීමට කැඳවාගෙන නොපැමිණිය යුතු අතර නවාතැන් ගත හැකි උපරිම සංඛ්‍යාව 10කි පැමිණෙන සංඛ්‍යාව 10ට වැඩි වුවහොත් සංචාරක බංගලා භාරකරු ට බාර නොගන්නා ලෙස උපදෙස් ලබා දී ඇති අතර එසේ නොවීමට වග බලා ගත යුතු බව කාරුණිකව දන්වමි.

05. නවාතැන් ගෙන සිටින කාලය තුළ සංචාරක නිවාසය ඇති සියලුම සියළුම භාණ්ඩ හා උපකරණ ආරක්ශාකාරිව පරිහරණය කළ යුතු අතර ඒවාට කිසියම් අලාභ හානියක් සිදු වුවහොත් සිදුවුවහොත් ඉවත්ව යාමට පෙර එය නිරවුල් කළ යුතුය.

06. නිවාස තුල තුළ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර ඔබ සංචාරක නිවාසය ගත කරන කාලය තුළ ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම දෙපාර්තමේන්තුවේ සංචාරක නිවාසය වෙන් කිරීම පිණිස ඔබ දෙපාර්තමේන්තුවේ වෙනත් කිසිදු නිලධාරියෙකුගේ ඉල්ලුම්පත්‍ර සලකා නොබලන බව ද අවධාරණය කෙරේ.

07. සංචාරක නිවාසය නිවාසය ට පැමිණි විගස සංචාරක නිවාසය වෙන් කළ නිලධාරියාගේ ජාතික හැදුනුම්පත නිවාස භාරකරු වෙත ඉදිරිපත් කළ යුතුය අදාළ සටහන් ලබා ගත් පසු එය ඔබ වෙත ආපසු භාර දෙනු ඇත.

08. කිසියම් නිලධාරියෙකු පවුලේ සාමාජිකයන් සමග නිවාඩුවක් ගත කිරීමට නිවාසය වෙන් කර ගන්නේ නම් පවුලේ සාමාජිකයන් සමග එම නිවස වෙන් කරන ලද සියලුම දිනයන්වල රැඳී සිටිය යුතුය.