GAP සහතික කිරීමේ සේවය

යහපත් කෘෂිකාර්මික පිලිවෙත් යටතේ  GAP සහතිකය ලබා ගැනිම

වැදගත්කම

සෞඛ්‍යාරක්ෂිත, ගුණාත්මක, පරිසර හිතකාමි හා ආර්ථික ලාභදායි නැවුම් එළවළු පළතුරු නිෂ්පාදනය

සපුරාලිය යුතු අවශ්‍යතා

  • ඒකාබද්ධ පළිභෝධ පාලන ක්‍රම භාවිතා කල යුතුයි.
  • කෘෂි රසායන යෙදිම අවශ්‍ය නම් එය යෙදිය යුත්තේ අවසානයට පමණි.
  • කෘෂි රසායන යෙදුවහොත් අස්වනු නෙලීම ප්‍රවේශම් කාලයෙන් පසුව සිදු කල යුතුය.
  • පොහොර යෙදිම කල යුත්තේ පස් පරික්ෂා කිරීමෙන් පසු අවශ්‍ය නම් පමණි.
  • නිවැරදි ක්‍රමයට අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම කල යුතුය.

පියවර

1). ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමු වි උපදෙස් ලබා ගන්න.

2). GAP සහතිකය සඳහා අවශ්‍ය තත්ත්වයන් ගොවිපළ තුල ඇති කිරිම

3). GAP සහතිකකරණය සඳහා අයදුම්පත් යොමු කිරීම

4). නිලධාරීන් විසින් විගණනය සිදු කිරීම

5). විගණනයෙන් සමත් නම් GAP සහතිකය නිකුත් කිරීම