පළාත් බීජ සහතික කිරීමේ සේවය

ගුණාත්මක බීජ නිෂ්පාදනය සඳහා

.
ගුණාත්මක බීජ නිෂ්පාදනය සඳහා .
  • ගුණාත්මක බීජ නිෂ්පාදනයෙන් වැඩි ලාබයක්

  • ගුණාත්මක බීජ සඳහා පවතින ඉහල ඉල්ලුම

  • ගුණාත්මක බීජ මගින් වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා ඔබත් බීජ නිෂ්පාදකයෙකු වන්න

මේ සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමුවන්න

සහතික කිරීමේ සේවය (බීජ හා GAP) හි කාර්ය භාරය.
  • ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය ඉහල නැංවීම සදහා සහතික කරණය.
  • ගුණාත්මක අතිරේඛ බෝග බීජ නිෂ්පාදනය ඉහල නැංවීම සදහා සහතික කරණය.
  • ගුණාත්මක ඵලවළු බෝග බීජ නිෂ්පාදනය ඉහල නැංවීම සදහා සහතික කරණය.
  • GAP – B සහතිකය ලබාදීමට අවශ්‍ය කටයුකු කිරීම.
  • පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු පැළ තවානේ ගුණාත්මක පැල සදහා ලේබල් යෙදීම.
  • බල ප්‍රදේශයේ බීජ , බීජ නිෂ්පාදනය පිළීබදව සංඛාත්මක දත්ත පවත්වාගෙන යාම.
  • ගුණාත්මක බීජ ගොවීන් අතර හුවමාරුව හා අලවිකරණය සදහා සම්බන්ධීකරණය.
හැදින්වීම.
  • අප රටේ ජාතික නිෂ්පාදනයට උතුරු මැද පළාතේ කෘෂිකර්මාන්තයෙන් ලබාදෙන දායකත්වය ඉතා විශාලය. එමෙන්ම උතුරු මැද පළාතේ ජීවත්වන බොහෝ අය ගොවියෝද වෙති එබැවින් පළාතේ ආර්ථිකය කෘෂිකර්මාන්තය මත රදාපවතී.
  •  බෝග වගාවන් හී නිෂ්පාදන ඵලදායිතාව ඉහල නැංවීම සදහා ගුණාත්මක බීජ භාවිතය ඉතා වැදගත්. සමස්ථ ශ්‍රී ලංකාවම ගත්කල ගුණාත්මක බීජ වල හිඟතාවය හා බීජ වල මිල ගොවීන්ට දරාගැනීමට නොහැකි තරම් ඉහල මට්ටමක පැවතීම පොදු ගැටළුවක් බවට පත්වී තිබේ.
  • අධික ලෙස කෘෂි රසායන භාවිතය හා නිෂ්පාදන වියදම අවම කරගනිමින් කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන වෙළද පොල හා දේශීය සුපිරි වෙළදසැල් ඉලක්ක කරගනිමින් නිෂපාදනය කරනු ලබන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරනු ලබන GAP ගොවිපල් ඇතිකිරීමද ඉතා වැදගත්.
  • තෘප්තිමත් හා සෞභාග්‍යමත් ගොවි ප්‍රජාවක් බිහි කරමු යන දැක්මෙන් යුතුව කටයුතු කරනු ලබන උතුරු මැද පළාතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළාතේ කෘෂි නිෂ්පාදන ළුලදායිතාවය ඉහල නංවමින් ගොවීන්ගේ ආර්ථික තත්වය ඉහල නැංවීම උදෙසා ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරමින් පවති. එම වගකීම තව දුරටත් වඩා වර්ධණය කරමින් GAP ගොවිපල් සහතික කරණය සහ ඉහතින් සදහන් කරන ලද ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් ගුණාත්මක බීජ/රෝපණ ද්‍රව්‍ය සුලභ කිරීමේ හා යහපත් කෘෂි පිලිවෙත් අනුගමනය කරණු ලබන ගොවිපල් ඇතිකිරීමේ අරමුණින් පළාත් සහතික කිරීමේ සේවය (බීජ හා GAP) මේවනවිට ආරම්භකර ක්‍රියාත්මක කරමින් පවති.

බීජ ගොවිපල් ලියාපදිංචි ගාස්තු

01.බිත්තර වී

අක්කර

මුදල රු.

වැඩිවන අක්කරයකට මුදල රු.

1.0

400.00

පළමු අක්කරයට රු 400.00 බැගින් සහ ඊට පසු වැඩිවන අක්කරයකට රු 300.00 බැගින්

1.5

550.00

2.0

700.00

2.5

850.00

3.0

1000.00

3.5

1150.00

4.0

1300.00

4.5

1450.00

5.0

1600.00

6.0

1875.00

වැඩිවන අක්කරයකට රු 275.00 බැගින්

7.0

2150.00

8.0

2425.00

9.0

2700.00

10.0

2975.00

  • 2.අතිරේක ආහාර භෝග
අක්කරමුදල රු.වැඩිවන සෑම අක්කරයකට මුදල රු.
0.5 සිට 1.0 දක්වා400.00400.00
1.25 සිට 2.0 දක්වා800.00
2.25 සිට 3.0 දක්වා1200.00
3.25 සිට 4.0 දක්වා1600.00

වැදගත් :-

  බීජ ගොවිපල් සදහා ලියාපදිංචි ගාස්තු අය කිරීමේ දී  අක්කර 01 ට වඩා වැඩිවන සෑම අවස්ථාවකම පහත උපදෙස් අනුගමනය කරන්න

  1. වගාව එකම ස්ථානයක තිබිය යුතුය.
  2. එකම ප්‍රභේදයක් වියයුතුය.
  3. එකම බීජ පංතියක වියයුතුය.
  4. එක් සතියක් තුල වගාකල ක්ෂෙත්‍රයක් වියයුතුය.

එසේ නොවන සෑම විටම මූලික අය කිරීම කලයුතුය.

ගුනාත්මක බීජ යනු

  • ප්‍රවේනි ගති ලක්ෂණ පවත්වා ගැනීම
  • ප්‍රභේදය තහවුරු කරගැනීම
  • හොදින් පිරුනු බීජ
  • උසස් පැලවීමේ ශක්තිය
  • අපද්‍රව්‍ය වලින් තොර වීම
  • වල් පැලෑටි බීජ ‍ප්‍රමාණය අඩු වීම
  • වෙනත් ප්‍රභේද බීජ ප්‍රමාණය අඩු වීම
  • හානි වූ බීජ ප්‍රමාණය අඩු වීම
  • රෝගී වූ බීජ නොමැති වීම
  • සුවද හා පැහැය

බිත්තර වී ප්‍රමිතීන්බීජ 500g සදහා

 විස්තරයලියාපදිංචිසහතිකවෙළද – 1වෙලද – 2
01පැළවීම85%85%85%85%
02පාරිශුද්ධ තාවය99%98%98%97%
03වල් පැළෑටි බීජ05101025
04කැඩුනු බීජ200200200225
05වෙනත් ප්‍රභේද බීජ20-50100125150
06තෙතමනය13%13%13%14%
07පැහැය හා සුවද

බීජ නිෂ්පාදන ප්‍රමිති මට්ටම්

  • මූලික බීජ
  • අභිජනන බීජ
  • අත්තිවාරම් බීජ
  • ලියාපදිංචි බීජ
  • සහතික බීජ
  • වෙලද බීජ

බීජ සහතික කිරීමෙ ක්‍රියාවලිය

  • ගොවිපල් ලියාපදිංචිය
  • පලමු කෙෂ්ත්‍ර පරික්ෂාව
  • දෙවන කෙෂ්ත්‍ර පරික්ෂාව
  • තුන්වන කෙෂ්ත්‍ර පරික්ෂාව
  • අවසන් කෙෂ්ත්‍ර පරික්ෂාව
  • බීජ තොගය සීල් කිරීම හා සාම්පල ලබාගැනීම
  • සාම්පල පරික්ෂාව
  • ලෙබල් යෙදීම

බීජ නිෂ්පාදන ගොවිපල් ක්ෂේත්‍ර පරික්ෂණ කාලසටහන

 

විස්තරය

මාස 03 කාණ්ඩය

මාස 3½ කාණ්ඩය

සිදුකලයුතු කාර්යයන්

බීජ වපුරා හෝ පැල සිටුවා

බීජ වපුරා හෝ පැල සිටුවා

 

01

ගොවීන් ලියාපදිංචිය හා පළමු ක්ෂේත්‍ර පරික්ෂාව

සති 3 ඇතුලත

සති 3 ඇතුලත

1.ගොවීන් ලියාපදිංචිය.

2.ක්ෂේත්‍රයේ තත්වය අවබෝධ කරගැනීම.

3.ඉදිරි ක්ෂේත්‍ර කටයුතු සැලසුම් කරදීම.

02

දෙවන ක්ෂේත්‍ර පරික්ෂාව

සති 6 – 9 තුල

සති 8 – 11 තුල

1.ක්ෂේත්‍රයේ හා නියරවල වල් පැල හා වෙනත් ප්‍රභේද පැළ ඉවත් කිරීම.

2.ඉදිරි ක්ෂේත්‍ර කටයුතු සැලසුම් කරදීම.

03

තුන්වන ක්ෂේත්‍ර පරික්ෂාව

අවශ්‍ය තාවය මත

අවශ්‍ය තාවය මත

අවශ්‍ය තාවය මත

04

අවසන් ක්ෂේත්‍ර පරික්ෂාව

සති 11 තුල

සති 13 තුල

1.ක්ෂේත්‍රයේ හා නියරවල වල් පැල හා වෙනත් ප්‍රභේද කරල් ඉවත් කිරීම.

2.අස්වනු නෙලන දිනය තීරනය කර දීම.

3.අස්වනු නෙලීමේ නිවැරදි ආකාරය පිළිබදව නිෂ්පාදකා දැනුවත් කිරීම.

වැඩිවිස්ත්ර සඳහා අමත්න්න-

0781756000

0712580207

ජී.ඒ.කුමාරසිංහ මයා

ස්ථාන භාර නිලධාරී

පළාත් බීජ සහතික කිරීමේ සේවය